කුස හොවාගෙන දහදුක් විදින කොට
ඇයි නොවැටුණේ ඔබෙ දෑසින් කදුළු කැට
දෑසට නින්ද නොලැබෙන විට හැම රෑට
කුස පිරි මැද්දෙ නිදි කරවන්නද මාව..........
දින දින ගෙවී ළං වෙන විට දස මාස
ජීවිතෙ මරණෙ අතරේ සටනකි නේද
ලොව ඇති අන්ත දුක් වින්දේ ඔබ නේද
අම්මා කියන නමේ තේරුම මේ නේද......
පද ගෙත්තම-සුදු ටීච
ඔන්න එහෙනම් මන් තමයි පළවෙනියට ගූගල් දෙයියගේ කමන්ට් අයින් කරාට පස්සේ කමන්ට් කරන්නේ.ගැළපෙන පින්තූරෙකුත් එක්කන් ෂෝක් කවි පොඩ්ඩ..ඒත් කවුද මේ සුදු ටීච...????
ReplyDeleteතැන්කු වේවා සහෝ ඔයාලගෙ සහයෝගෙ තමයි ඉතින්. සුදු ටීච කියන්නෙ අපේ නංගි පොඩ්ඩට මචං. ළමයි එයාට කතා කරන්නෙ එහෙමලුනෙ
Deleteහා හා ඒකමිසක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමට සිතෙනා ලෙසනම්, වයසට ගියත් අප අම්මාට දක්වන ආදරයට වඩා ඇය අපට ආදරේ කරයි.
ReplyDeleteඔයා හරි නිර්මලා... අම්ම අපිට ආදරේ තරම් කවදාවත් අපිට අම්මට ආදරේ කරන්න බැරිවෙයි. අම්ම කෙනෙක්ගෙ ආදරේ ඒ තරම් අසම සමයි
Deleteඉර එලිය සහ අම්මා එකවගේ කියලා කවුදෝ විද්වතෙකුත් කියලා තිබෙනවා මම අහල තියෙනවා.
ReplyDeleteඑකවගේ නෙමේ අමිල සහෝ.. මේ ලොව ජීවය ලැබුවේ අම්මාගේ කිරෙන් සහ හිරුගේ කිරනෙනි. මැක්සිම් ගෝර්කි
Delete