Monday, December 9, 2013

මියැදුණි සෙනෙහස....

ආරම්භය
අවසානයද වී
වියරුවෙන් ගිනිවැදී
හුස්ම ගන්නත් පෙරම
ගෙල මිරිකා මරා හල
ලේ කැටි සෙනෙහසක
වරදකාරී නුඹ....
උඹ කළ පවට
දුක් විදින මම...
හණමිටි මලකඩ කතුරකින්
පෙකණි වැල කපාලූ
වින්නඹුව
හිරකළා මාවත්
නොකල වරදකට
(අ)සංස්කෘතික සිරගෙයක....

No comments:

Post a Comment